ශ්‍රී ලාංකිකයන් වන අප ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන වර්ග කිලෝ මීටර හැට පන්දහසක් පමණ වන කුඩා දූපතක ජීවත් වෙමු. දූපත කුඩා වුවද වසර දෙදහස් පන්සියයකට අධික ලිඛිත ඉතිහාසයක් මෙන්ම එකී ඉතිහාසයෙන් අප ලද වටිනා සංස්කෘතික දායාදයන් සිහිපත් කරවන අදටත් පවතින සාක්ෂි රැසක්ද අප සතුය. ඓතිහාසික උරුමය මත මෙය සිංහලයන්ගේ රටයි. මේ රට ගොඩ නැගුවෝ ඔවුන්ය. අප රටක් ලෙසද ජාතියක් ලෙසද ආඩම්බර වන අතීතයෙන් අප ලද සියල්ල මූලික වශයෙන් සිංහලයන්ගේ උත්සාහයෙන්ද කැපවීමෙන්ද ලබා ගත් දේ වේ. අප රටේ සිංහලයාගේ ඓතිහාසික ආගම බුදු දහමයි. ලෝකයේ පහලවූ ශ්‍රේෂ්ඨතම ආගම් ශාස්තෲවරයෙකු, චින්තකයෙකු හා දාර්ශණිකයෙකු ලෙස ලෝකයා සලකන ගෞතම බුදු හිමියන්ගේ නිර්මල ධර්මය අදටත් පවතින, එම ධර්මය ලේඛණගත කොට ආරක්ෂා කරන රට වශයෙන් මේ රට සැළකෙයි. අප රට අතීතයේ පටන්ම සෞභාග්‍යමත් රටක් විය. එසේම එය යුධමය වශයෙන් ඉතා වැදගත් භූගෝලීය පසුබිමක පිහිටා ඇත. ඇබැවින් අතීතයේ සිටම අප රටට විදේශ ආක්‍රමණ වලින් අඩුවක් නොවීය. ඉන්දියාවෙන් පැමිනි චෝල, කේරල ආදී ජාතීන්ද විවිධ බටහිර ජාතීන්ද අප රට වරින්වර ආක්‍රමණය කළ නමුත් රට මුළුමනින්ම යටත් කරගත හැකිවූයේ වර්ෂ 1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ටය. ඔවුන් වසර සියයකට වැඩි කාලයක් මෙරට පාලනය කරමින් මෙරට සංස්කෘතිකාංගයන්, සිරිත් විරිත් , මිනිසුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ පාලනය පහසු වන පරිදි බොහෝ සෙයින් වෙනස් කළහ. ඒ අතර ඔවුන් මෙරට සම්පත් සියල්ල ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේ රටට ගෙනගියේය. ඒ සියල්ල අවසන් වූ කළ ඔවුන් විසින් සංස්කෘතික වශයෙන්ද, සාමාජීය වශයෙන්ද, ආර්ථික වශයෙන්ද හප කර දමන ලද මේ "රොඩු බිම" ඔවුන්ගෙන් පසුවද ඔවුන් ගෙන ගිය මගේම තව දුරටත් ගෙන යා හැකි බ්‍රිතාන්‍යයේ නොඉපදුනු බ්‍රිතාන්‍යයන් පිරිසකට බාර කර වර්ෂ 1948 දී අපට නිදහස දී නැවත බ්‍රිතාන්‍යය බලා නික්ම ගියා යැයි ඉතිහාසයේ ලියා තැබූහ.
ඒ අපේ අතීත කතාව ඉතා සැකැවින්ය...
නිදහසින් වසර හැත්තෑවකට පසු රුවන්මැලි සෑය ඉදිකළ, පරාක්‍රම සමුද්‍රය හා කලා වැව ඉදිකල, යෝධ ඇල ඉදිකල, වෙල්ලස්සේ කුඹුරු ලක්ෂයක් අස්වැද්දූ, විදේශ රටවලට සහල් අපනයනය පවා කළ රටක වර්තමාන තත්වය කෙබඳු විය යුතු යැයි අප සිතමුද?
* අප ලෝකයේ දුප්පත් රටවලින් එකක් වෙමු
* සිය දිවි හානි කර ගැනීම් වලින් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනා ඇත්තෙමු
* මත්පැන් පරිබෝජනයෙන් ලෝකයේ පළවන ස්ථානය දිනා ඇත්තෙමු
* අසභ්‍ය අන්තර්ජාල දර්ශණ නැරඹීමෙන්ද අප ප්‍රථම ස්ථානය දිනා ඇත්තෙමු
ඒ අර පෙර කියූ අතීත ශ්‍රී විභූතිය යලි යලිත් සමරන අතරය, තුන් තිස් පැයේ අර කියූ නිර්මල බුදුදහම අදහන අතරය.
කාල් එන්. මැක්ඩැනියෙල් සහ ජෝන් එම්. ගවුඩි විසින් රචනා කල "Paradise for Sale" නම් කෘතියේ පාරාදීසයක් බඳුවූ රටක් විකිණීමට බඳුන් වූ ආකාරය පැහැදිලි කර ඇත. පැසිෆික් සාගරයේ හවායි දූපත් හා ඔස්ට්‍රේලියාව අතර පිහිටා ඇති නාවුරු දිවයින ලෝකයෙන් හුදකලාව පිහිටි රටකි. එහි සම්ප්‍රදායික ජීවිතයක් ගතකළ නාවුරු වැසියන් වසර දෙදහසක් පමණ සංස්කෘතික, සාමාජීය හා පාරිසරික වශයෙන් ස්ථායී වූ රටක සතුටින් ජීවත් වූහ. එහෙත් 1900 වසරේදී කෘෂිකාර්මික වශයෙන් අතිශය වැදගත් ෆොස්පේට් නම් ඛණිජය එරටින් හමුවීම මේ හුදෙකලා රට ලෝක වෙළඳපොලේ මධ්‍යයටම වීසි කර දැමීය. යටත්විජිතවාදී, අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයෝ නාවුරු දිවයිනට කඩා වැදී එහි පැලපදියම් වෙමින් අර කියු එරට සශ්‍රීක පොස්පේට් සම්පත කොල්ල කන්නට පටන් ගත්හ. මේ ක්‍රියාදාමය නාවුරු වැසියන්ගේ සම්ප්‍රදායික ජීවිතය හා ඔවුන්ගේ වටිනාකම් මුළුමනින්ම උඩු යටිකුරු කර විකෘති කර දැමීය. වසර 1968 දී නැවතත් රටේ පාලනය සියතට ගැනීමට සමත් වූ නාවුරු වැසියන් වහාම මුහුණ පෑ බරපතල ප්‍රශ්ණයක් විය. එනම් සිය රටෙහි අනාගතයේ සුරක්ෂිතතාවය උදෙසා රටෙහි වටිනා ස්වභාවික සම්පත් රැකගෙන දිවයිනේ ජෛව හා පාරිසරික සමතුලිතතාවය රැකගන්නවාද නැතහොත් පවතින ක්‍රියාදාමය තුල සිය ගෙවල් දොරවල් පවා විනාශ වී යන ආකාරයෙන් තව වසර හතලිහක් පමණ සඳහා ප්‍රමාණවත් වූ පොස්පේට් නිධිය හාරා විකුණනවාද යන්නයි. ඔවුන් ඉතා අවාසනාවන්ත හා දෛවෝපගත අන්දමින් දෙවැනි විකල්පය තෝරා ගත්හ.
අප රට මුහුන පෑ සිද්ධීන්ද ඊට දෙවැනි නොවේ. අපද නාවුරු වැසියන් මෙන් රටෙහි අනාගතය සඳහා තීරණාත්මක වූ ප්‍රශ්ණයක් අභියස සිටිමු. එය නම් තවදුරටත් අපගේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ වංශය කබල් ගාමින් "ලෝකෙන් උතුම්ම රට මේකය. නිර්මල බුදුදහම පන්දහසක් කල් පවතින රට මේකය" යනාදියෙන් අපිවම රවටා ගනිමින් ඉතිහාසයේ කුණු බක්කිය වෙත ගමන් කරනවාද නැතිනම් පවතින කටුක යතාර්ථය හැඟීම්බර නොවී තේරුම් ගෙන ඒ සඳහා පිලියම් යොදනවාද යන්නයි.
ඒ සඳහා අප පළමුව දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුය. නූතන තාක්ෂණය හමුවේ ලෝකය කුඩා ගම්මානයක් බවට පත් වෙමින් පවතී යැයි විද්වතුන් ප්‍රකාශ කරයි. එනිසා අපගේ භූගෝලීය පිහිටීම කෙබඳු වුවද අපට තවදුරටත් හුදකලා රටක් ලෙස ඉදිරියට යා නොහැක. එහෙයින් අපට ඇති මූලික අභියෝගය වන්නේ ලෝකය තුල හුදකලා නොවී ඔවුන් සතු දැණුම බෙදාහදා ගන්නා අතරම අපේ සංස්කෘතික වටිනාකම්ද ආරක්ෂාකර ගැනීමයි. එහිදී අප අත් හැරිය යුතු කුමක්ද අප වැළඳගත යුතු කුමක්ද යන්න තීරණය කිරීමේදී රටෙහි දිගුකාලීන යහපත තීරණාත්මක සාධකය යැයි නාවුරු වැසියන් අපට ප්‍රායෝගිකව කියාදී ඇත.
"විකිපීඩියා" හි දූපත් මානසිකත්ව යන්න මෙසේ හඳුන්වා ඇත. "හුදෙකලා ප්‍රජාවන් විසින් ඔවුන් ලෝකයේ අන් සියල්ලන්ටම වඩා සුවිශේෂී හා සුපිරි හැකියාවන්ගෙන් යුතු අය ලෙස සිතා සිටීම වේ" එහි දැක්වෙන පරිදි මෙය භූගෝලීය සාධක මත පමණක් ඇතිවන තත්වයක් නොවේ. සංස්කෘතික, සදාචාරාත්මක හෝ සංකල්පික වශයෙන් ඉහල අගයක පවතින එහෙත් ලෝක ප්‍රජාවට ප්‍රමාණවත් සේ නිරාවරණය නොවුණු හෝ එසේ නිරාවරණය වීම යම් මති මතාන්තර මත සීමාකල හෝ ප්‍රකික්ෂේප කළ ජාතීන් තුල දූපත මානසිකත්වය ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.
අද දවසේ අපට ඇති ප්‍රශ්ණ අපට සුවිශේෂී ඒවා යැයි අප සිතා සිටියද එය එසේ නොවේ. සත්‍යය වන්නේ එම ප්‍රශ්ණ වලින්ම පීඩා විඳින තවත් දහස් ගනනක් මිනිසුන් ලෝකයේ කොහේ හෝ ජීවත් වන බවයි. ඇතැමුන් ඒවාට සාර්ථක පිළියම් සොයාගෙන තියෙන්නටද පුළුවන. ඒ මිනිසුන්ට සවන් නොදී ඔවුන්ගේ අත්දැකීම් වලින් ප්‍රයෝජන නොගෙන "රෝදය නැවත සොයාගැනීමේ" නිෂ්ඵල උත්සාහයන්හි යෙදීම කාලය අපතේ යැවීමකි. එය අප වැනි ජාතියකට තරම් නොවේ.
එහෙයින් පළමුව අප කළයුත්තේ අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ප්‍රශ්ණ වලට මුහුණ දෙන පළවන හෝ අවසාන ජාතිය අප නොවන බව තේරුම් ගැනීමය. ඉන්පසු ලෝකයේ වෙනත් ජාතීන් මේ ප්‍රශ්ණ විසඳා ගත්තේ කෙසේදැයි සොයා බැලීමයි ඉන් පාඩම් ඉගෙන ගැනීමයි. ඉන්පසු ඒ පාඩම් අපේ රටට සංස්කෘතියට ගැලපෙන සේ සකසාගෙන ක්‍රියාවට නැගීමයි. ඒ සඳහා අපි ලෝකයට දොරගුළු විවෘත කළයුතු වෙමු. දුපත් මානසිකත්වයෙන් මිදිය යුතු වෙමු. ලෝකය කුහක ලෙස විවේචනය නොකර සිටීමට පුරුදු විය යුතු වෙමු. ලෝකය දෙස සැකෙන් බැලීම නැවැත්වීමට හුරුවිය යුතු වෙමු.

ඒ සඳහා අප මේ පුංචි දූපතෙන් ඔබ්බට ගමන් කළ යුතු වෙමු.
- මංජුල නදීත් ද සිල්වා -