තටු ඇවිල්ලා.... ඔබ ඔහේ යනවා
=====================
=====================
ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද ඓතිහාසිකව හා සම්ප්‍රදායිකව "පුරුෂ කේන්ද්‍රීය" සමාජයකි. වර්තමාන බටහිර ප්‍රවනතාවයන් අනුකරණය කිරීමේ "විලාසිතාව" නිසා මේ තත්වය වෙනස් වෙමින් පෑවතියද එය අප සමාජයේ ජන විඥාණයේ පතුලටම මුල් ඇදුණු සංකල්පයකි. එහෙයින් වර්තමාන කාන්තාව කෙරෙහි මේ පුරුෂ කේන්ද්‍රීය සම්ප්‍රදායට අභියෝග කිරීමේ හා අභියෝගයක් වීමේ ආශාවක් ඇතිවීම ආකස්මික දෙයක් සේ හැඳින්විය නොහැක. නමුත් ප්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.
මිනිස් හැසිරීම් වල වූ කුඩා පළුද්දක් පවා මුදල් බවට පෙරෙලීමේ මනා දැණුමක් හා පරිචයක් ඇති, කාල් මාක්ස්ට පවා පෙර දැකීමට නොහැකි වූ, නිර්ධන පංතියේ ශ්‍රමය ධනපති පංතියට විකුණා දැමීමේ බ්‍රෝකර්වරු වශයෙන් ක්‍රියා කරන "විධායක පංතිය" කාන්තාව සතු මේ දුර්වලතාවයෙන් වර්තමානයේ දැඩි සේ ප්‍රයෝජන ගැනීමය.
පුරුෂ කේන්ද්‍රීය සමාජයට අභියෝගයක් වීම නම් වූ "කැරට් අලය" පෙන්වූ විට බොහෝ කාන්තාවන් තරණය නොකරන කඳු මුදුනක් නැත. මෙය හොඳින් දන්නා විධායක පංතිය කාන්තාවන්ට උසස් වීම් හා තනතුරු ලබා දීමෙන් "පිරිමියා අභිබවා යාමේ ප්‍රහර්ෂය" ඇයට ලබා දී ඒ වෙනුවෙන් පිරිමින් දෙදෙනෙකු අවශ්‍ය වන තරමේ වැඩ ප්‍රමාණයක් ඇයගෙන් කරවා ගැනීමට සමත් වී තිබේ.
පුරුෂ කේන්ද්‍රීය සමාජයට අභියෝගයක් වීම එකකි. එහෙත් එසේ අභියෝගයක් වීම වෙනුවෙන් තමන් සූරා කෑමට ඉඩ දීම තවත් එකකි. මේ ක්‍රියාවලිය තුලින් අප සමාජය ගෙනයන ගමනාන්තය ගැන කීමට තවම කල් වැඩිය එහෙත් එය "සියල්ල සතුටින් අවසන් වන" සුඛාන්තයක් නොවන බව නම් නිසැකය.
මේ කාරණය ගැන ලියන විට නිතැතින්ම මතකයට ආ අමරසිරි පීරිස් කළාකරුවාගේ පහත දැක්වෙන ගීයෙන් මේ සටහන අවසන් කරමි
තටු ඇවිල්ලා, ඔබ ඔහේ යනවා
කොහොම කීවත් නවත්තන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ
කොහොම කීවත් නවත්තන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ
කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැළෙනා
ඉවුරු පිරෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල් හීන පොළොව දිගේ
මල් රේණු රේණු සැළෙනා
ඉවුරු පිරෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල් හීන පොළොව දිගේ
නෙළූ ඵලවැල මග දමන්නද
දෙපා උඩුකුරු ලෙසින් බිම හිඳිනා
කුරුළු බිළිඳූ හෙලන කඳුළූ
මහ මෙරක් යට තනිව මා උන්නා
දෙපා උඩුකුරු ලෙසින් බිම හිඳිනා
කුරුළු බිළිඳූ හෙලන කඳුළූ
මහ මෙරක් යට තනිව මා උන්නා

No comments:
Post a Comment