Monday, December 18, 2017








එක්තරා මහාචාර්යවරයෙකු බැල්ටිමෝරයේ කුඩා පැල්පත් වල වාසය කළ තරුණ පිරිමි ළමුන් දෙසීයක් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට තම සමාජ විද්‍යා පංතියේ සිසුන්ව යැවීය. ඔවුන්ට උපදෙස් ලැබුණේ; ඒ සෑම පිරිමි දරුවෙකුම තම අනාගතය ගැන දරන තක්සේරුව ඔවුන්ගෙන් ප්‍රශ්ණ කොට වාර්තා කරගන්නා ලෙසයි. සමීක්ෂණයේ යෙදුනු සියල්ලන් හට එක් පොදු නිරීක්ෂණයක් විය. එනම් ඒ සෑම පිරිමි දරුවෙකු හටම "නිසි අවස්ථාවක්" ලැබී නොමැති බවයි.

ඉන් වසර විසි පහකට පසු තවත් සමාජ විද්‍යා මහාචාර්යවරයෙකුට මේ සමීක්ෂණ වාර්තාව අහම්බෙන් ලැබුනෙන් ඒ පිරිමි දරුවන්ගේ වර්තමාන තත්වය දැන ගැනීමේ ආශාවක් ඔහුට ඇතිවිය. ඒ සඳහා බැල්ටිමෝරයට යවනු ලැබූ මහාචාර්යවරයාගේ සිසුන් පිරිස කියා සිටියේ අදාල දරුවන්ගෙන් 20 ක් පමණ එක්කෝ මියගොස් නැත්නම් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති නමුත් ඉතිරි 180 දෙනා වාසනාවකට මෙන් එම ප්‍රදේශයේම ජීවත් වන බවයි. එමෙන්ම එම සිසු පිරිස තවත් විශ්මිත දෙයක් මහාචාර්යවරයාට වාර්තා කළේය. ඒ එම ඉතිරි පිරිමි දරුවන් 180 දෙනාගෙන් 176 ක් ම වෛද්‍යවරුන්, නීතීඥයන් හා ව්‍යාපාරිකයන් වශයෙන් සාමාන්‍ය තත්වයටත් වඩා ඉහල සාර්ථකත්වයන් ලබා ඇති බවයි.

මෙයින් විශ්මයට පත් මහාචාර්යවරයා වාසනාවකට මෙන් තවමත් බැල්ටිමෝරයේ ජීවත් වූ දැන් වැඩිහිටියන් වන ඒ දරුවන් සෑම කෙනෙකුම මුණගැසී ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුව විමසුවේය. සෑම අයෙකුම ඒ ප්‍රශ්ණයට ඉතා හැඟුම්බරව මේ පිළිතුර ලබා දිණි "අපිට ටීචර් කෙනෙක් හිටියා" සියල්ලන්ට එම ගුරුවරියව මතක තිබිණ.

ගුරුතුමියත් ඒ වන විට වයස්ගත විය. ඇය හමුවූ මහාචාර්යවරයා පැල්පත් වල ජීවත් වූ ඒ දරුවන් ඔවුන්ගේ වර්තමාන සාර්ථකත්වයන් වෙත යොමු කිරීමට භාවිතා කළ "විජ්ජා මන්තරය" කුමක්දැයි අසා සිටියේය. ගුරුතුමියගේ දෑස් ආලෝකමත් වූ අතර, දෙතොලේ මදහසක් නැගින. ඇය මෙසේ පිලිතුරු දිණි. "ඒක හරිම සරලයි. මම ඒ දරුවන්ට ආදරය දුන්නා"
- Eric Butterworth -

No comments:

Post a Comment