Monday, December 18, 2017







ඇමී ග්‍රැහැම් (Amy Graham)
===================
මුළු රාත්‍රිය පුරාම වොෂින්ටන් සිට කෙරුණු ගුවන් ගමනකින් පසු ඩෙන්වර් හි පිහිටි "මයිල් හයි" දේවස්ථානය වෙත පැමිණෙන විට මා සිටියේ ඉතා විඩාපත්වය.. ඉන් පසු මට තවත් දේශණ තුනක්ද "ඉසුරුමත් මානසිකත්වය" පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වීමට නියමිතව තිබිණි. මා දේවස්ථානයට ගොඩ වන විටම දොස්තර ෆ්‍රෙඩ් වොට් මෙසේ ඇසුවේය. ඔබ "Make-A-Wish Foundation" ගැන දන්නවද?

"ඔව්" යැයි මම පිළිතුරු දුනිමි.

හොඳයි, ඇමී ග්‍රැහැම් ලියුකේමියා රෝගයේ දරුණුතම අවස්ථාවේ පසුවන බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙණවා. ඔවුන් ඇය ගැන බලාපොරොත්තු තබා ඇත්තේ දින තුනක් පමණයි. ඇගේ අන්තිම කැමැත්ත වන්නේ ඔබේ දේශණයකට සවන්දීමයි. එය ඇසූ මා පුදුමයටත් කම්පනයටත් පත් වුනෙමි. සතුට, බිය හා සැකය යන හැඟීම් වල සංකලනයක් මා සිත තුල ඇති විය. මට එය විශ්වාස කළ නොහැකි විය මා සිතා උන්නේ මිය යෑමට ආසන්න දරුවෝ වඩා කැමැත්තක් දැක්වූයේ ඩිස්නිලන්තයට යෑමට, සිල්වෙස්ටර් ස්ටැලෝන්, මිස්ට "ටී" හෝ ආනෝල්ඩ් ස්වාසෙනෙගර් හමුවීමට කියායි. එහෙත් ඒ කිසිවෙකුට තම අවසන් දින කීපයේ මාක් වික්ටර් හැන්සන් ට ඇහුම්කන් දීමට වුවමනා වේ යැයි කියා මා කිසිදිනක නොසිතුවෙමි. ජීවත් වීමට දින කීපයක් පමණක් ඇති දරුවෙකුට අභිප්‍රේරණ දේශකයෙකුට සවන් දීමට වුවමනා වුනේ මන්ද? හදිසියේම මගේ සිතුවිලි වලට බාධා කරණු ලැබීය.

"මේ ඉන්නෙ ඇමී" ඇගේ දුබල අත මගේ අතෙහි තබමින් වොට් පැවසීය. මා ඉදිරියෙහි වූයේ කිමෝතෙරපි ප්‍රතිකාර මගින් තට්ටය පෑදුනු හිස දීප්තිමත් රතු හා තැඹිලි පැහැති ආවරණයකින් වසා ගත් දාහත් හැවිරිදි ගැහැණු ළමයෙකි. ඇගේ දුබල සිරුර නැමී දුර්වලව පැවතිණ. "මගේ අවසාන අරමුණු දෙක වුනේ උසස් විද්‍යාලයෙන් උපාධිය සමත් වීමත් ඔබේ දේශණයකට සවන් දීමත් පමණයි" ඇය පැවසීය. "නමුත් මගේ වෛද්‍යවරු මට ඒ දෙකටම හැකියාවක් ඇති බව විශ්වාස කළේ නෑ. මට ඒ තරම් ශක්තියක් නැතැයි කියා ඔවුන් හිතනවා. ඒ නිසා මාව රෝහලෙන් මුදා හැරල මගේ දෙමව්පියන්ගෙ භාරයට පත් කළා. මේ ඉන්නෙ මගේ අම්මයි තාත්තයි." මගේ දෑස් කෙවෙණි තුල කඳුලු පිරෙනු මට දැණිනි. මගේ උගුරේ යමක් හිරවුණා සේ මට දැණිනි. මාගේ සමතුලිතතාවය මුළුමනින්ම නැතිවිය. මම මගේ උගුර පාදා මදක් සිනාසී මෙසේ පැවසුවෙමි. "ඔබත් ඔබේ සමීපතමයනුත් අපේ ආගන්තුකයන් වශයෙන් අපි පිළිගන්නවා. මගේ සේවය අවශ්‍ය වීම ගැන ඔබට ස්තූතියි." අප එකිනෙකා වැළඳගෙන කඳුළු පිස දමා ගෙන වෙන් වුනෙමු.

මා ඇමරිකාවේ, කැනඩාවේ, මලයාසියාවේ, නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ සුවකිරීමේ දේශණ ගණනාවකට සහභාගි වී ඇත්තෙමි. විශිෂ්ඨතම සුව කරන්නන්ගේ ක්‍රමවේදයන් මා දැක ඇත්තෙමි. එසේම ඒ ක්‍රම දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට, පර්යේෂණ කොට, අසා ප්‍රශ්න කොට කුමක් සාර්ථකද, ඒ ඇයි සහ කොහොමද යන වග මා හොඳින් දැන සිටියෙමි. එම ඉරිදා සවස ඇමී සහ ඇගේ මව් පියන් සහභාගී වූ ඒ දේශණය මා පැවැත්වුවෙමි. ශාලාව ඉගෙනීමට හා පුර්ණ මිනිසුන් බවට වර්ධනය වීමට කැමැත්තක් දැක්වු දහස් ගණනක් සහභාගි වන්නන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. ඇතැම්විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ප්‍රයෝජනවත් විය හැකි සුවකිරීමේ ක්‍රියාවලියක් ඉගෙන ගැනීමට කැමතිදැයි මා ඔවුන්ගෙන් නිහතමානීව ඇසුවෙමි. සියල්ලන්ගේම අත් ඉහලට එසවුණු බව වේදිකාවේ සිට මට පෙණිණ. ඔවුන් ඒකච්ඡන්දයෙන් එය ඉගෙනීමට අවශ්‍ය බව කියා සිටියෝය.

මා සහභාගි වන්නන්ට ඔවුන්ගේ දෑත් දැඩි ලෙස එකිනෙක පිරිමැද ඉන්පසු අඟල් කීපයක් ඈත් කිරීමෙන් සුව කිරීමේ ශක්තිය දෑතට දැනෙන අයුරු නිරීක්ෂණය කිරීමට කියා දුණිමි. ඉන්පසු මම ඔවුන් දෙදෙනා බැගින් වෙන්කොට සුවකිරීමේ ශක්තිය එක් අයෙකුගෙන් තවත් අයෙකුට නිකුත් වන ආකාරය දැනෙන අයුරු නිරීක්ෂණය කිරීමට ඉගැන්වීය. "ඔබට සුවවීමට අවශ්‍ය නම් මෙතැන හා මේ මොහොත පිළිගැනීමට සුදානම් වන්න" මා ඔවුන්ට කීවෙමි. සියළු සහභාගිවන්නන් දැන් එකම රිද්මයකට අනුගත වී සිටි අතර එය ඉතා උත්කෘෂ්ඨ හැඟීමක් විය. සියල්ලන්ටම සුවකිරීමේ ශක්තිය හා සුව කිරීමේ විභවයක් ඇති බව මා ඔවුන්ට පැහැදිලි කර දුණිමි. නමුත් සියයට පහක් පමණ වූ අයට මේ ශක්තිය තම දෑත් වලින් වැගිරෙන්නට සැලැස්විය හැකි හා එය තම වෘත්තිය කර ගත හැකි තත්වයේ ඇත. ඉන්පසු මා මෙසේ ප්‍රකාශ කරණ ලදි. "අද උදෑසන මට මට ඇමී ග්‍රැහැම් නම් වූ දාහත් හැවිරිදි ගැහැණු ළමයෙකු හඳුන්වා දුන්නා. 

ඇයගේ අවසාන ඉල්ලිම වුනේ මේ දේශණයට සහභාගි වීම. මට අවශ්‍යයි ඇය මේ වේදිකාවට ගෙනැවිත් ඔබේ සුව කිරිමේ ශක්තිය ඇය මත පතුරුවන්නට..ඇතැම්විට අපට පුළුවන් වෙයි ඇයට උදව් කරන්න. නමුත් ඇය අපෙන් ඉල්ලීමක් කළේ නෑ. මම මෙය කරන්නෙ මේ මොහොතේ මට හිතුන දෙයක් අනුව. මං හිතනව ඒක නිවැරදියි කියල." සහභාගිවන්නන් "ඔව්, ඔව්, ඔව්..යනුවෙන් මතුරන්නට විණ.

ඇමීගේ පියා ඇයව වේදිකාව මතට කැඳවා ගෙන එන ලදි. කිමෝතෙරපි ප්‍රතිකාර වලින් පසු, දැඩි ඇඳ විවේකයන්ගෙන් හා ව්‍යායාම මද වීමෙන් ඇය ඉතාම දුර්වල බවක් ප්‍රදර්ශණය කළාය.(මේ දේශණයට සති දෙකක පමණ පෙර සිට වෛද්‍යවරු ඇයට ඇවිදීමට ඉඩ ලබා දී නොතිබිණි. ) සහභාගිවන්නන් තම දෑත් උනුසුම් කර ඇය වෙත සුව කිරීමේ ශක්තිය නිකුත් කිරීම ඇරඹීය. ඉන්පසු සියළු දෙනා නැගිට සිටිමින් ඇයට ඉතා සහෘද කඳුලින් පිරි සුභ පැතුමක් ලබා දිණි.

සති දෙකකට පසු නෑවත පරීක්ෂාවකින් අනතුරුව ඇගේ වෛද්‍යවරු ඇයව රෝහලෙන් මුදා හැරි බවට ඇය දුරකතනයෙන් දන්වා සිටියාය. දෙවසරකට පසු ඇය නැවත මා ඇමතුවේ ඇයගේ විවාහය ගැන දැනුම් දීමටය.

මා එයින් ඉගෙනගත් එකම දෙය වන්නේ, අපි අපේ සුව කිරීමේ ශක්තිය ගැන කිසිවිටක අඩු තක්සේරු නොකල යුතු බවයි. එය ඉහලම යහපත වෙනුවෙන් භාවිතා කිරීමට නිරන්තරයෙන් පවතී. අපට ඇත්තේ එය අවශ්‍ය වූ විට භාවිතා කිරීමට මතක තබා ගැනීම පමණි.

- Mark Victor Hansen -

No comments:

Post a Comment