තෑග්ග
====
දකුණු ප්‍රදේශයේ මාවතක නිරතුරුව ඉහලට විසිවෙමින් ගමන් කළ බස් රථයක එක් අසුනක වාඩිවී සිටි වයෝවෘධ මිනිසෙකුගේ අතෙහි නැවුම් මල් කළඹක් විය. ඔහුගේ අසුනට යාබද අසුනක සිටි තරුණියගේ දෑස් විටින් විට මේ මල් කළඹ දෙස යොමු වූයේ නිතැතිනි. මහළු මිනිසා බස් රථයෙන් බසින තැන කෙමෙන් ලඟාවිය. ඔහු බැසීමට සූදානම් වෙමින් තමන් අත තිබූ මල් කළඹ තරුණියගේ උකුල මතට දැමීය. "මම දුටුවා ඔබ මල් වලට ගොඩක් කැමති බව". මහළු මිනිසා පැවසීය. "ඉතිං මගේ බිරිඳ කැමති වේවි මේ මල් ටික මම ඔබට දෙනවට. මම ඇයට කියන්නම් ඒ මල් ටික ඔබට දුන් බව". තරුණිය මහත් සතුටින් ඒ මල් කළඹ බාර ගත්තීය. ඉන්පසු ඇය බලා සිටියදී ඒ මහළු මිනිසා බස් රථයෙන් බැස කුඩා සුසාන භූමියක දොරටුව තුලින් ඇතුලට ගමන් කලේය.

No comments:
Post a Comment