ඔබේ දායකත්වය ප්‍රමාණවත්ය
====================
====================
අපේ මිත්‍රයෙක් දිනක් ඉර බෑස යන යාමයේ පාළු මෙක්සිකානු වෙරළක් දිගේ ගමන් කරමින් සිටියා. ඔහු එසේ ගමන් කරමින් සිටින අතරේ ඉතා ඇත සිටින තවත් මිනිසෙක් ඔහුට දකින්නට ලැබුණා. තවත් ටිකක් ලංවන විට ඔහු දුටුවා ඒ ස්වජාතික මිනිසා කිසියම් දෙයක් අහුලා මුහුදට විසිකරන බව. ඔහු මෙය නැවත නැවතත් සිදු කරන බව අප මිත්‍රයාට පෙණුනා.
අපේ මිත්‍රයා තවත් ඔහුට ලං වන විට ඔහු දුටුවා ඒ මිනිසා මුහුදු රැල්ලත් සමග වෙරළට ගොඩ ගැසූ පසැඟිල්ලන් වරකට එකා බැගින් අහුලමින් මුහුදට විසි කරන බව. මෙයින් වික්ෂිප්ත වූ අපේ මිත්‍රයා අර මිනිසා අසලට ගොස් මෙසේ පැවසුවා. " සුභ සැන්දෑවක් මිත්‍රයා, මට හිතාගන්න අමාරුයි ඔබ මොනවද කරන්නෙ කියල?"
" මම මේ පසැඟිල්ලන් නැවත මුහුදට විසි කරනවා. ඔබට පේනව ඇති මේ බාදිය පවතින වෙලාව. ඉතිං මේ රැල්ලත් එක්ක වෙරළට ගොඩ ගහපු පසැඟිල්ලන් ආයෙත් මුහුදට නොදැම්මොත් උන් ඔක්සිජන් නැති කමින් ටික වෙලාවකින්ම මැරිල යයි"
"මට තේරෙනව" අප මිත්‍රයා පිළිතුරු දිණ. "නමුත් මේ වෙරළෙ ඔය වගේ පසැඟිල්ලො දහස් ගානක් ඇති මං හිතන්නෙ නෑ ඔබට පුළුවන් වෙයි කියල උන් ඔක්කොම අල්ලල මුහුදට දාන්න. උන් ගොඩක් ඉන්නව. අනිත් එක ඔබට හිතෙන්නෙ නැත්ද මේක මෙහේ මුහුදු වෙරළවල් සිය ගනනක සිද්ධවෙන දෙයක් බව. ඔබට පෙනෙන්නෙ නැත්ද ඔබට උන්ගෙ ජීවිත සම්බන්ධයෙන් කිසි වෙනසක් කරන්න බැරි බව."
ස්වජාතික මිනිසා මදහසක් නැගීය. ඉන්පසු පහත් වී තවත් පසැඟිල්ලෙකු අතට ගෙන මුහුදට විසි කරන අතර මෙසේ පැවසුවේය. " ඔන්න මම එකෙකුගෙ ජීවිතේ වෙනසක් ඇති කළා"
"Chicken Soup for the Soul"
- Jack Canfield and Mark V. Hansen -
- Jack Canfield and Mark V. Hansen -
P.S.
ලෝකයේ සියළු දෙනාටම "සාධාරණ ලෝකයක්" තනා දීමට ඔබට නොහැකි විය හැක. එහෙත්. ඔබට හැකි පමණ ඔබේ යුතුකම ඉටු කරන්න. එහි සාමුහික ප්‍රථිපළය තුලින් ඔබ පතන "සාධාරණ ලෝකය" නිර්මාණය වණු ඇත.
ලෝකයේ සියළු දෙනාටම "සාධාරණ ලෝකයක්" තනා දීමට ඔබට නොහැකි විය හැක. එහෙත්. ඔබට හැකි පමණ ඔබේ යුතුකම ඉටු කරන්න. එහි සාමුහික ප්‍රථිපළය තුලින් ඔබ පතන "සාධාරණ ලෝකය" නිර්මාණය වණු ඇත.

No comments:
Post a Comment