මදහස (Le Sourire)
==============
==============
සියල්ලන් වෙත මදහසකින් සංග්‍රහ කරන්න. ඔබේ බිරිඳට, ඔබේ සැමියාට, ඔබේ දරුවන්ට සහ අන් සෑම අයෙකුටම මදහසක් නගන්න. කවුද යන්න වැදගත් නැත. නමුත් එය එකිනෙකා කෙරෙහි වඩා උසස් හැඟීමක් වර්ධනය කර ගැනීමෙහි ලා ඔබට උපකාරී වණු ඇත.
- තෙරේසා මව්තුමිය -
බොහෝ ඇමරිකානුවන්ට Antoine de Saint-Exupery විසින් ලියන ලද පුංචි කුමාරයා (Little Prince) නම් පොත කියවා හුරු පුරුදුය. මෙය අපූරු අදහස් ඇති මාහැඟි පොතක් වන අතර එය කුඩා දරුවන්ගේ කතාන්තර පොතක් ලෙස මෙන්ම වැඩිහිටියන් වෙනස් ආකාරයෙන් සිතන්නට පොළඹවන කල්පිත ග්‍රන්ථයක් ලෙසද සලකණු ලබයි. නමුත් Saint-Exupery ගේ අනෙකුත් නවකතා හා කෙටි කතා ගැන දන්නා අය ඇත්තේ අතළොස්සක් පමණි. Saint-Exupery යුධ ගුවන් නියමුවෙකු වූ අතර දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාවන්ට එරෙහි සටන් වලදී ඔහු මරුමුවට පත් විය. දෙවන ලෝක යුද්ධයට පෙර ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ඔහු ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කළේය. ඒ සටන් වලදී ඔහු ලැබූ අත්දැකීම් අලලා මදහස (Le Sourire) නමින් වූ විශිෂ්ඨ ග්‍රන්ථයක් ඔහු විසින් ලියන ලදි. මා ඔබට කීමට යන්නේ ඒ කතාවේ සංක්ෂිප්තයයි. එහෙත් එය ප්‍රබන්ධයක්ද නැතහොත් ඔහුගේ ස්වයං චරිතාපදනයදැයි පැහැදිලි නැත. මා විශ්වාස කරන්නේ මෙය ඉන් දෙවැන්නට බොහෝ සෙයින් ආසන්න බවයි. කතාවේ දැක්වෙන පරිදි ඔහු වරක් සතුරන්ට හසුවු අතර ඔහුව කුඩා සිර කුටියක සිර කොට තබන ලදි. ජේලර්වරුන්ගෙන් ලද අනදර සහිත රළු සැළකිලි වලින් තමන් ඊලඟ දිනයේදී මරා දමනු ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. මෙතැන් සිට මේ කතාව මා ඔහුගේම වචන වලින් කියන්නට කැමැත්තෙමි.
මට හොඳටම තේරුණා ඔවුන් මා මරා දමන්න යන බව. මා එයින් බලවත් සන්තාපයටත් කම්පනයටත් පත්වුණා. මම මගේ සාක්කු සියල්ල අත පත ගා බැළුවා ඔවුන්ගේ පරීක්ෂාවන්ගෙන් බේරුණු සිගරට්‍ටුවක් සොයා ගන්න පුළුවන්ද කියල. මට එකක් හම්බ වුණා. ඒත් මගේ අත් කොච්චර වෙව්ලුවද කියනවනම් මට ඒක මගේ දෙතොලට තියා ගන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. කොහොම වුණත් මගේ ගිණි පෙට්ටිය මා ලඟ තිබුණේ නෑ ඒක ඔවුන් අරගෙන. මම සිර කුටියෙ යකඩ පොළු අස්සෙන් මගේ ජේලර් දිහා බැළුවා. ඔහු මං ඉන්න පැත්ත වත් බැළුවෙ නෑ. ඇත්තටම කෙනෙක් මොකටද මැරෙන්න ඉන්න මිනිහෙක් දිහා බලන්නෙ? මං ඔහුට කතා කළා "මට ගින්දර ටිකක් දෙන්න පුළුවන්ද" ඔහු දෙවුර හකුලා මං දිහා බැළුවා. ඊට පස්සෙ මගේ සිගරට්‍ටුව දල්වා දීමට ඔහු මා වෙතට ආව. ඔහු මට සමීප වෙලා ගිණිකූරක් දල්වත්දී අහම්බෙන් ඔහුගේ දෑස් මගේ දෑස් හා ගැටුණා. මං ඒ මොහොතේ ඔහු හා සිනාසුනා. මම දන්නෙ නෑ ඇයි මම එහෙම කළේ කියල. සමහර විට මගේ හිත කැළඹිල තිබුණ නිසා වෙන්න ඇති. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන් කෙනෙක් තව කෙනෙකුට හුඟක් සමීප වුණාම සිනාවක් නොපෙන්වා සිටීම දුෂ්කර දෙයක්. ඒ කොහොම වුනත් මම සිනාසුනා. ඒ මොහොතෙ හරියට පුලිඟුවක් අපි දෙන්නගෙ හදවත් දෙක, අපි දෙන්නගෙ මනුෂ්‍ය ආත්මයන් දෙක හරහා හුවමාරු වුණා වගේ හැඟීමක් මට ඇති වුණා. මම දන්නව ඒක කරන්න ඔහුට වුවමනා වුනේ නැති බව. නමුත් මගේ සිනහව සිරකුටියේ පොළු අතරින් ඔහු වෙත ගිහිල්ල ඔහුගේ දෙතොලෙත් සිනහවක් ඇති කළා කියල මට හිතෙනව. ඔහු මගේ සිගරට්‍ටුව දල්වල දුන්නා. ඒත් ඔහු ආපසු නොයා මොහොතක් මාවෙත රැඳුණා. ඒ වගේම ඔහු ඒ මද සිනහවෙන් යුතුවම මගේ දෑස් දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මාත් ඔහු සමග දිගටම සිනාසුනා ඒ තවදුරටත් ජේලර් කෙනෙක් එක්ක විදියට නෙවෙයි දන්න කියන කෙනෙක් එක්ක වගේ. ඒ වගේම ඔහුගේ බැල්මෙන් දැන් ඔහු මාව දකින්නෙ වෙනස් ආකාරයකට බවත් මට හැඟුණා. " ඔබට දරුවො ඉන්නවද?" ඔහු ඇසුවා. "ඔව්, මේ මේ" මම මගෙ පසුම්බිය ඉවතට ගෙන කැළඹීමෙන් යුතුව අත පත ගෑව මගේ පවුලේ ඡායාරුපය සොයා ගන්නට. ඔහුත් ඔහුගේ පවුලේ අයගේ පින්තූර එලියට අරගෙන මට පෙන්නුවා. දරුවන් ගැන ඔහුගේ අනාගත සැලසුම් හා
බලාපොරොත්තු ගැන මා සමග කතා කළා. මගේ දෑස් වල කඳුළු පිරුණා. මං කිව්ව මට ආයෙත් මගේ දරුවන් දකින්න ලැබේවි කියල මම හිතන්නෙ නැති බව. මට ආයෙත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ ඔවුන් ලොකු මහත් වෙන හැටි බලන්න. ඔහුගේ දෑස් වලිනුත් කඳුළු වැටෙන්න ගත්ත. හදිසියෙම තවත් එක් වචනයක් වත් නොකියා ඔහු එක් වරම සිර කුටියෙ දොර ඇරල මාව එලියට ගත්තා. ඉන්පසු නිශ්ශබ්දව හොර පාරකින් මාව නගරයෙන් පිටතට අරගෙන ගියා. නගරයේ සීමාවෙදි ඔහු මට යන්න ඉඩ දීල කිසිම වචනයක් නොකියා ආපසු හැරී යන්න ගියා.
බලාපොරොත්තු ගැන මා සමග කතා කළා. මගේ දෑස් වල කඳුළු පිරුණා. මං කිව්ව මට ආයෙත් මගේ දරුවන් දකින්න ලැබේවි කියල මම හිතන්නෙ නැති බව. මට ආයෙත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ ඔවුන් ලොකු මහත් වෙන හැටි බලන්න. ඔහුගේ දෑස් වලිනුත් කඳුළු වැටෙන්න ගත්ත. හදිසියෙම තවත් එක් වචනයක් වත් නොකියා ඔහු එක් වරම සිර කුටියෙ දොර ඇරල මාව එලියට ගත්තා. ඉන්පසු නිශ්ශබ්දව හොර පාරකින් මාව නගරයෙන් පිටතට අරගෙන ගියා. නගරයේ සීමාවෙදි ඔහු මට යන්න ඉඩ දීල කිසිම වචනයක් නොකියා ආපසු හැරී යන්න ගියා.
සිනහවක් මගේ ජීවිතය බේරල දුන්නෙ ඒ විදියට.
සත්තකින්ම ඔව්, සිනහව කියන්නෙ මිනිසුන් අතර බලපෑමකින් පුර්ව සුදානමකින් තොරව ස්වභාවිකව ඇතිවන සම්බන්ධතාවයක්. මේ කතාව මම මගේ පොතේ සඳහන් කරන්න හිතුවෙ, මිනිසුන්ට මෙන්න මේ කාරණේ ගැණ ගැඹුරින් සලකා බලන්න කියා ඉල්ලන්න. ඒ තමයි, අපි අපේ ආරක්ෂාවට අපි වටා ස්ථර කීපයකින් සමන්විත ආවරණයක් ගොඩනගා ගෙන තියෙනවා. මේ ස්ථර තමයි, අපේ ගෞරවය, අපේ තනතුරු, අපේ සුදුසුකම්, අපේ තත්වය හා සමාජය අපිව දැකිය යුතු යැයි අපට වුවමනා කරන ආකාරය. නමුත් මේ සියල්ලටම යටින් තියෙනව අපේ සැබෑ ස්වරූපය. ඒ අපේ ආත්මය ලෙස හඳුන්වන්න මම බිය වෙන්නෙ නෑ. අපේ මේ ඇතුලාන්තයේ වූ කොටසට අප එකිනෙකා පහසුවෙන් හඳුනාගත හැකි බව මා තරයේ විශ්වාස කරනවා. අපට එසේ අප එකිනෙකාගේ ඇතුලාන්තයෙහි වූ මේ කොටස සමග සෘජුව ගණුදෙනු කළ හැකි නම් සතුරුකම්, ඊර්ෂ්‍යාව හෝ බිය කිසිදා ඇති නොවනු ඇත. නමුත් අවාසනාවකට මෙන් අප ජීවිත කාලය තුල බොහෝ ප්‍රවේශමෙන් ගොඩ නගා ගන්න ඉහත කී මතුපිට ආවරණයන් අප එකිනෙකා සමග අව්‍යාජ සම්බන්ධතවන් ඇති කර ගැනීම වලක්වන පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. Saint-Exupery ගේ කතාවේ සඳහන් වන්නේ දෙදෙනෙකුගේ ආත්මයන් එකිනෙකා හඳුනාගන්නා එවැනි දිව්‍යමය අවස්ථාවක් ගැන. ඒ වගේ තවත් අවස්තා කීපයක් ගැන මට කියන්න පුළුවන්. එකක් තමයි දෙදෙනෙකු ආදරයෙන් බැඳීම. තවත් එකක් තමයි කුඩා දරුවෙකු දෙස බැලීම. ඇයි අපි කුඩා දරුවෙක් දිහා බලල හැම තිස්සෙම හිනා වෙන්නෙ? ඒ සමහර විට අපි ඔහු තුලින් සියළු "ආරක්ෂක ආවරණ" නැති කෙනෙකු දකින නිසා වෙන්න ඇති. ඔහුගේ සිනහව අව්‍යාජ බව හා රැවටීමකින් තොර බව අපි දන්න නිසා වෙන්න ඇති. එවිට අපි තුල ඉන්න "ලදරු ආත්මය" එය හඳුනගෙන සිනාසෙනවා වෙන්න ඇති.
- Hanoch MaCarty -

No comments:
Post a Comment