ස්වර්ණමය බුදුන්
===========
===========
1988 වසර මුලදී මටත් මගේ බිරිඳ ජෝර්ජියාටත් හොංකොංහි පෑවති සම්මන්ත්‍රණයක "ස්වයං අභිමානය හා උසස් කාර්යඵල" යන මැයෙන් දේශනයක් පැවැත්වීමට ආරාධනාවක් ලැබිණි. අප කිසි දිනක ඈත පෙරදිග රටවල චාරිකාවේ යෙදී නැති බැවින් අපේ නිල සංචාරය තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අප තීරණය කළෙමු. අප බැංකොක් කරා පැමිණි පසු ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන කීපයක් දැක බලා ගැනීමට අපට සිත් විය. අපේ පරිවර්තකයාගේත් රියැදුරාගේත් මග පෙන්වීම මත බෞද්ධ විහාර ගණනාවක්ම දැක බලා ගැනීමට එම දිනයේදී අපට හැකිවූ නමුත් ඒ බොහෝමයක් අපේ මතකයන් තුල වැඩි වේලාවක් රැඳී තිබුණාද යන්න සැකයකි. කෙසේ වුවද අප සිත් තුල නොමැකෙන මතකයන් ඉතිරි කළ එක් බෞද්ධ විහාරයක් විය. එය හැඳින්වූයේ "ස්වර්ණමය බුදුන්ගේ විහාරය" යන නමිනි. ඇත්තෙන්ම එය ඉතා කුඩා පන්සලකි. බොහෝ විට අඩි තිහයි තිහක පමණ වර්ග ප්‍රමාණයකින් යුතු වන්නට ඇත. නමුත් අප එහි ඇතුළු වූ කෙනෙහි එතුල පිහිටි අඩි දහයමාරක් උස දඹ රනින් නිමවූ බුදු පිලිමය දැකීමෙන් අප විශ්මයෙන් ගල් ගැසුනෙමු. එහි බර ටොන් දෙකහමාරක්ද දල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අනූ හයක්ද විණි. එය ඉතා අලංකාර දසුනක් විය. කාරුණික මෘදු පෙනුමකින් යුතු බුද්ධ ප්‍රතිමාව අප දෙස මදහසකින් යුතුව පහතට නෙත් යොමා සිටියෝය. අපගේ සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර එනම් ඡායාරූප ගැනීම් විශ්මයෙන් හායි හූයි ගෑම් සියල්ලෙන් අනතුරුව, මා ඒ අසල වීදුරු ආවරණයක් තුල තබා තිබූ මැටි පිඩැල්ලක් බැලීමට ගියෙමි. ඒ මැටි පිඩැල්ල අඟල් අටක පමණ ඝණකමකින්ද, අඟල් දොළසක පමණ පළලකින්ද යුතු විය. ඒ වීදුරු ආවරණය පසෙකින් මේ අගනා කලා කෘතියේ ඉතිහාසය විස්තර කළ කුඩා පුවරුවක් තබා තිබිණ.
1957 දී පමණ කිසියම් ආශ්‍රමයක වූ භික්ෂූන් වහන්සේලා පිරිසකට මැටියෙන් තැනූ බුද්ධ ප්‍රතිමාවක් තම පෑරණි වාස්ස්ථානයෙන් වෙනත් පන්සලකට ගෙන යාමට වුවමනා වී තිබිණි. එම භික්ෂූන් විසූ ආශ්‍රමය බැංකොක් කරා දිවෙන අධිවේගී මාර්ගයක මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා ඉවත් කිරීමට සිදුව තිබිණ.දොඹකරය මගින් මේ විශාල ප්‍රතිමාව එසවීමේදී ප්‍රතිමාව ඉරිතැලීමකට ලක් විය. ඒ අතර වර්ෂාවක්ද ඇද හැලෙන්නට විණ. ආශ්‍රමයේ සිටි නායක හිමි නම ප්‍රතිමාව නෑවත පොළවට පහත් කොට වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට එය ආවරණයකින් වැසීමට තීරණය කළේය. එදින සවස් කාලයේ නායක හිමි නම බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට නෑවත පැමිණියේය. උන් වහන්සේ විදුලි පන්දමක් දල්වා ආවරණයට යටින් වූ බුද්ධ ප්‍රතිමාව පරීක්ෂා කලේ
මැටියෙන් තැනූ එයට වර්ෂාවෙන් හානියක් වී ඇත්දැයි දැණ ගැනීමටය. විදුලි පන්දම් ආලෝකය පිලිමයේ ඉරිතැලුණු තැනට එල්ල වූ කෙනෙහි, එහි යම් දීප්තිමත් දිස්නයක් උන්වහන්සේට නිරීක්ෂනය විය. එය අමුතු දෙයක් වූයෙන් ඒ පිළිබඳ තවදුරටත් විපරම් කල නායක හිමියෝ මේ මැටි වලට යටින් තවත් යම් දෙයක් ඇත්දැයි සැක පහල කළහ. ඒ සැකය අනුව ක්‍රියාත්මක වූ හිමියන් ආශ්‍රමයෙන් නියනක් හ මිටියක් රැගෙන නැවත පැමිණ පිළිමයේ දීප්තිය විහිදුවන ස්ථානයේ වූ මැටි ස්වල්පය බැගින් කඩා ඉවත් කරන්නට විණි. එසේ මැටි ඉවත් කරන විට එම දීප්තිමත් ආලෝකය විශාල වන්නටද වඩා දීප්තිමත් වන්නටද විය. පෑය කීපයක වෙහෙසකර කාර්යයකින් පසු නායක හිමියන් සිටියේ සුවිශේෂී දඹරන් බුදු පිලිමයක් අභියසය.
ඉතිහාසඥයන් විශ්වාස කරන පරිදි මේ නායක හිමියන්ගේ සොයාගැනීමට සියවස් කීපයකට පෙර බුරුම හමුදාවන් එවකට සියම නමින් හැඳින්වූ තායිලන්තය ආක්‍රමණය කිරීමේ සුදානමක් විණි. සිය දේශය නුදුරේදීම ප්‍රහාරයකට ලක්වන බව තේරුම්ගත් සියම් භික්ෂූහු ඔවුන්ගේ වටිනාම සම්පත බුරුම ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරගනු වස් ඉහත කී දඹරන් බුදු පිළිමය මැටියෙන් ආවරණය කළෝය. නමුත් අවාසනාවකට මෙන් මේ රහස දැන සිටි භික්ෂූන් වහන්සේලා සියල්ලම බුරුම හමුදාවන්ගේ ප්‍රහාරයන්ගෙන් මරුමුවට පත් විය. කෙසේ වුවද දඹරන් බුද්ධ ප්‍රතිමා වහන්සේ 1957 වසරේ අප ඉහත කී පරිදි සොයා ගන්නා තෙක් මනා ලෙස ආරක්ෂා වී තිබිණ.
අප "කැතී ෆැසිපික්" ගුවන් යානයකින් ආපසු නිවෙස බලා එමින් සිටියදී මට මෙවන් සිතුවිල්ලක් පහල විය. " අපි හැම කෙනෙක්ම අර මැටියෙන් තැනූ බුදු පිලිමය වැනි අය වෙමු. එනම් අප සියල්ලන්ම භය හා සැකය නමැති දැඩි ආවරණයකින් වසා සිටින "දඹ රන් බුදු පිලිම" වෙමු. යටින් පිහිටි දඹ රන් පිළිමය අප ඉපදෙන විට අපේ යථා ස්වරූපයයි. වයස අවුරුදු දෙකත් නමයත් අතර කාළයේ අපි අපේ "ස්වර්ණමය ස්වභාවය" අපේ "සමාජ ගති ලක්ෂණ" නමැති මැටියෙන් ආවරණය කර ගැනීම අරඹමු. නායක හිමියන් සිය නියන හා මිටිය භාවිතා කර සිදු කළා සේ දැන් අපගේ කාර්යය වන්නේ අපේ සැබෑ ස්වරූපය නෑවත එලියට ගැනීමයි"
හොඳයි, ඔබ මගේ කතාව ඇසුවා.....මෙයයි මට ඔබහට කීමට ඇති රහස.එය ඉතා සරලයි. කෙනෙකුට නිවැරදිව දැකීමට හැක්කේ හදවතින් පමණයි. දැකීමට ඉතාම අත්‍යාවශ්‍ය දේ බොහෝ විට ඇසට ගෝචර නොවේ.
- Jack Canfield -

No comments:
Post a Comment